Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2016 21:00:03 Hours

තවත් බදාදා පුහුණු වැඩසටහනක් මධ්‍යම දී

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් තවත් පුහුණු වැඩසටහනක් බදාදා (14) දින එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරායේ දී පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස්. විතානගේ ගේ මඟපෙන්වීම මත මෙම පුහුණු වැඩසටහන පැවැත්විය.

එහිදී 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කපිතාන් පී.එස්. විජේවීර විසින් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය දියුණු කිරීම සබැදිව දේශනයක් පැවැත් වූ අතර, එම දේශනය සඳහා නිලධාරීන් 17 ක් සහභාගි වූහ.

එමෙන්ම, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලීස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් එම්.ඩි. සුමනසේකර විසින් මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳ දේශනයක් පැවැත් වූ අතර, සෙසු නිලයින් 70 ක් එම දේශනය සඳහා සහභාගි වූහ.

affiliate link trace | New Releases Nike