Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2016 20:55:11 Hours

පොහෝ දිනයේ මුලතිව් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන වෙතින් ආගමික වැඩසටහන්

උදුවප් පුරපසලොස්වක පොහෝය දිනය නිමිත්තෙන් 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සංවිධානය කළ බෝධි පූජා පිංකම මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන මූළදීප විහාරස්ථානයේ දී අඟහරුවාදා (13) දින පවත්වන ලදි.

මෙහිදි මොණරවැව විහාරයේ විහාරාධිපති රණවක ධම්මින්ද ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කරනු ලැබීය.

යුද හමුදාවේ සේවයෙ නියුතු රණවිරුවන්හට ආශිර්වාද කිරීමත්, ආබාධිත රණවිරුවන් වෙත සෙත් පැතීමත්, මියගිය රණවිරුවන් වෙනුවෙන් පිං පැමිණවිමත් සිදු කෙරිනි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච්.ජි.පි.එම්. කාරියවසම් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද සහභාගි වූහ.

එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයත් පසුගිය අඟහරුවාදා (13) දින බෝධිකන්ද විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් අයි.ඕ.ඩබ්. මාදොලෙ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම බෝධි පූජා පිංකම සඳහා සහභාගි වූහ.

මේ සඳහා සෙබලුන් 215 ක් සහභාගි වූ අතර, මෙහි ධර්ම දේශනය ගිලන් උපස්ථාන විහාරස්ථානය බදුල්ල මහ රෝහලේ වැඩවාසි පූජ්‍ය ප්‍රේමානන්ද හිමියන් විසින් සිදු කෙරිනි.

Sports Shoes | Nike Shoes