Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2016 20:55:16 Hours

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැඩසටහන මුලතිව් හි දී

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ පූර්ණ අධික්ෂණය යටතේ ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ යනුවෙන් තවත් වැඩසටහනක් දෙසැම්බර් මස 9 සහ 10 යන දිනයන්හි දී එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.

3 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ කපිතාන් ඩි.වයි.එස්. කුමාර ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් මෙහෙය වූ මෙම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 110 ක් සහභාගි වූහ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි කොළඹ යුද හමුදා රෝහලේ මුලිකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.

Sport media | Nike News