Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2016 20:56:59 Hours

55 සේනාංක සරඹ තරඟාවලියේ ශුරතාවය 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 සේනාංක අන්තර් ඒකක සරඹ තරඟාවලිය දෙසැම්බර් මස 6 සිට 8 දක්වා එම සේනාංක සරඹ භූමියේ දී පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න විසින් පිළිගනු ලැබීය.

මෙම සරඹ තරඟාවලිය සංවිධානය කිරීමේ අරමුණ වූයේ 55 වන සේනාංක නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ පුද්ගලික සරඹ, ස්වයං විනය සහ පෞරුෂත්ව වර්ධනය කිරීමයි.

මෙම තරඟාවලියේ ශුරතාවය 553 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත හිමිවිය.

මෙහි අනුශුරතාවය, 552 වන සේනාංකය යටතේ රාජකාරියේ නියුතු 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුව දිනා ගැනීමට සමත් වූ අතර, එම රෙජිමේන්තුවේ කපිතාන් කේ.වි.ඩි.එම්. සමරසිංහ දක්ෂතම කණ්ඩභාර නිලධාරී ලෙසත්, බලලත් නිලධාරී II ඩි.ඒ. ධනපාල දක්ෂතම සරඹ උපදේශක ලෙසත් තේරීපත්විය.

ජයග්‍රහකයින් වෙත ත්‍යාග පිරිනැමීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදු කරන ලදි.

සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම තරඟාවලිය නැරඹිම සඳහා සහභාගි වූහ.

bridgemedia | UOMO, SCARPE