Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2016 20:58:25 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු අණදෙන නිලධාරීන්ගේ සමුළුවේ දී පරිපාලන ගැටලු පිළිබඳ සාකච්ජා කෙරේ

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු අණදෙන නිලධාරීන්ගේ පරිපාලන කාර්යයන් වැඩි දියුණු කිරීම පිළිබඳ සමුළුවක් සිකුරාදා (09) දින කුරුණෑගල, වෙහෙරවත්ත පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්නගේ මූලිකත්වයෙන් පැවති මෙම සමුළුවෙහි දී ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි බලඇණිවල පරිපාලන කටයුතු දියුණු කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ජා කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි සියලුම අණදෙන නිලධාරීන් සහභාගි වූ අතර, පරිපාලන ගැටළු විසදීමට ගනු ලබන පියවරයන් හා යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කෙරිනි.

එහිදී එම බලමුළුවේ රෙජිමේන්තු අධිපති විසින් සියලුම අණදෙන නිලධාරීන් අමතමින් 2017 වර්ෂය තුළ එම සියලු සැලසුම් සමගින් සාර්ථකව ඉදිරියට යායුතු බවද පවසනු ලැබීය.

අනතුරුව, රෙජිමේන්තු අධිපති, සියලුම අණදෙන නිලධාරීන් සමඟින් අදහස් හුවමාරුවක ද නිරත විය.

jordan Sneakers | Nike