Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2016 20:53:27 Hours

නිවාඩු නොලබා නොපැමිණි යුද හමුදා සාමාජිකයින් හට පොදු සමා කාලය තුල දී සහන

නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටිනු ලැබූ යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානූකූලව යුද හමුදාවෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් 2016 දෙසැම්බර් මස 1 වන දින සිට 31 වන දින දක්වා ප්‍රකාශයට පත් කළ අතර, දෙසැම්බර් මස 13 වන දින පස්වරු වන විට යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 1341 දෙනෙකු නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීම සඳහා වර්ථා කර ඇත.

මෙම දින 13 ක කාලය තුළ දිවයින පුරා පිහිටි ඒ ඒ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 1675 දෙනෙකු වාර්ථා කර ඇති අතර, ඉන් 334 දෙනෙකුගේ නීත්‍යානුකූල අස්කිරීම් කටයුතු සිදු කිරීම සඳහා කෙටි කාලයක් ගතවනු ඇත.

මෙම වසර තුළ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ දෙවන පොදු සමා කාලය මෙය වන අතර, මෙහි පළමු අදියර 2016 ජුනි මස 13 වන දින සිට ජූලි මස 12 වන දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබිය. මෙතෙක් නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් නොවු අයවළුන් ධෛර්යමත් කිරීම වෙනුවෙන් දෙසැම්බර් 31 වන දින දක්වා මෙම පොදු සමා කාලය ලබා දී ඇත.

jordan Sneakers | Nike