Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2016 13:48:34 Hours

රූපවාහිනි ජාතික වොලිබෝල් ශුරතාවය - 2016 හි දී ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් වෙත ශුරතාවය

ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ 30 වන තරුණ සේවා ජාතික රූපවාහිනි වොලිබෝල් ශුරතාවලි - 2016 හි අවසන් මහා තරඟය ඉරිදා (11) දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත් වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි සහ කාන්තා වොලිබොල් කණ්ඩායම්, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම් පරාජයට පත් කරමින් ශුරතාවයන් දිනා ගැනීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම අතර පැවති පිරිමි අවසන් මහා තරඟයේ දී 3 – 2 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරන ලද අතර එහිදි 25-20, 25-17, 21-25, 25-27 සහ 15-10 ලෙස ලකුණු පුවරුව සටහන් විය.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම අතර පැවති කාන්තා අවසන් තරඟයේ දී තරඟ වට 3 -1 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. එහිදි ලකුණු පුවරුව සටහනවූයේ 20-25, 25-19, 25-21 සහ 25-20 ලෙසය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා මහතා විසින් ජයග්‍රහකයින් සඳහා කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනැමිම සිදුකෙරිනි.

එහිදි යුද හමුදා කාන්තා කණ්ඩායම හා පිරිමි කණ්ඩායම වෙත ජයග්‍රහණ රැසක් හිමි වූ අතර, පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස සාමාන්‍ය සෙබල ඩබ්.ඩි.එස්. ප්‍රනාන්දු සහ පුහුණුකරු ලෙස ඩබ්. සරත් ද සිල්වා මහතා (ජාතික පුහුණුකරු) ද, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ලාන්ස් කෝප්‍රල් පි.පි.ඩි.ටි. ශර්මිලා සහ පුහුණුකරු ලෙස නන්දන අශෝක මහතා ද කටයුතු කරන ලදි.

තවද, දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි කුසලාන ද ශ්‍රී ලංකා යුද හමුදාවට හිමිවිය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රෝහන බණ්ඩාර, යුද හමුදා වොලිබෝල් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් දේවින්ද්‍ර පෙරේරා මෙන්ම යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

පිරිමි අංශයේ ශුරතා

දක්ෂතම ක්‍රීඩකයා - ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය

දක්ෂතම පන්දු ඔසවන්නා - රයිෆල් සෙබල මහේෂ්

දක්ෂතම පන්දු වළක්වන්නා - ලාන්ස් කෝප්‍රල් වසන්ත ලක්මාල්

දක්ෂතම පන්දු ගොඩගන්නා - සාමාන්‍ය සෙබල මධුෂ වික්‍රමසිංහ

කාන්තා අංශයේ ශුරතා

දක්ෂතම ක්‍රීඩිකාව - කාන්තා සෙබල තිළිණි වාසනා පෙරේරා

දක්ෂතම පන්දු ඔසවන්නිය - ලාන්ස් කෝප්‍රල් තිළිණි ශර්මිලා

දක්ෂතම පන්දු වළක්වන්නිය - කාන්තා සෙබල අයේෂා මදුරිකා

දක්ෂතම පන්දු පිරිනමන්නිය - කාන්තා සෙබල අරුණි වසන්ති

දක්ෂතම පන්දු ලබාගන්නිය - කාන්තා සෙබල තිළිණි වාසනා පෙරේරා

spy offers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth