Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2016 13:46:58 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනුවත් කිරීමේ වැඩසටහන් රෙජිමේන්තු මට්ටමින්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක ‘සමාජ විරෝධි ක්‍රියාකාරකම්’ පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පසුගියදා පනාගොඩ යුද හමුදා ජනපදයේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.

යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් දැනුවත් කිරීමේ සිදු කළ අතර, දෙවන අදියර යටතේ රෙජිමේන්තු මට්ටමින් දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව මෙදින දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 15 ක් සහ සෙසු නිලයින් 203 ක් සහභාගි වූහ.

යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය වෙතින් මෙම වැඩසටහනේ දේශන සහාය ලබාදෙනු ලැබීය.

ඒ අනුව යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ ලුතිතන් කර්නල් ජේ.ඒ.යූ.ජේ.සී. ජයසූරිය සහ නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කපිතාන් රුවිනි රත්නායක විසින් මෙහි දේශන පැවැත්විය.

මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ අජිත් නවගමුව මහතා ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Buy Sneakers | Trending