Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2016 13:47:26 Hours

චින ජාතික ආරක්ෂක විද්‍යාලයේ කණ්ඩායමක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

මේජර් ජෙනරාල් වූ ෂුලි ප්‍රමුඛ මේජර් ජෙනරාල්වරුන් පස්දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කර්නල්වරුන් 40 දෙනෙකුගෙන් සමන්විත චින ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයින් පිරිසක් සිකුරාදා (09) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කරන ලදි.

එහිදි බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් එම පිරිස පිළිගනු ලැබීය. අනතුරුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලුතිතන් කර්නල් වයි.ඒ.බි.එම්. යහම්පත් විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන වගකීම් සහ කාර්ය භාරයන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරමින් ඔවුන් දැනුවත් කළහ.

මෙම සංචාර සිහිවනු වස් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

jordan release date | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf