09th December 2016 16:40:27 Hours
රණවිරුවන් සහ රණක්ෂිතයට පත් විරු පවුල්වල සාමාජිකයන් වෙත, රජයේ සහ පෞද්ගලික අංශයන් හි වෙළඳ නිෂ්පාදන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පහසුකම් සඳහා ප්‍රතිලාභ සහ වට්ටම් හිමිවන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ තවත් අදියරක් සිකුරාදා (09) දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘතිය දියත් වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද හෙතෙම සහභාගි විය. එමෙන්ම එම අවස්ථාව සදහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆෝන්සේකා මහත්මිය, ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, පුද්ගලික ආයතන නියෝජිතයින් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක් වූහ.
පුරා විසි වසරක කාලය තුළ අඛණ්ඩව රණබිමට සේවය සැලසු ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ විශ්‍රාමික, සේවයේ නියුතු, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ විරු පවුල් සාමාජිකයන් වෙත මෙම උත්සවයේ දී ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1800 ක් ප්‍රදානය කරනු ලැබීය.
ඊට අමතරව අවශ්‍යතාවයන් අනුව රණවිරුවන් සහ ඔවුන්ගේ ළගම ඥාතීන් වෙත නිවාස සාදා ගැනීමට ඉඩම් කට්ටි, රණවිරු ළමුන් සඳහා ශිෂ්‍යත්ව 60 ක් හා නිවාස ඉදිකිරීම සඳහා ගොඩනැඟිලි ද්‍රව්‍ය ද ප්‍රදානය කෙරිනි.
සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ නිහඩතාවයක් පවත්වමින් එදින උත්සවයේ වැඩකටයුතු ආරම්භය කරන ලදි.
උත්සවයේ පිළිගැනීමේ කතාව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් සිදු කරනු ලැබීය.
එහි දී රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ද ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිළිබඳව කෙටි විස්තරයක් සිදු කළහ.
මෙම උත්සවය ඇමතු ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් රණවිරුවන් වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මෙම රජය විසින් සුබසාධන කටයුතු රාශීයක් සිදු කර ඇති බවත්, රණවිරුවන් ව්‍යාජ ප්‍රචාරවලින් නොරුවටෙන ලෙසත් පවසන ලදි.
එමෙන්ම, මෙහිදි ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා උත්සවය අමතමින් විවිධ පාර්ශවයන් නොයෙකුත් චෝදනා ඉදිරිපත් කළ ද මෙම රජය කිසිවිටක රාජ්‍ය ආරක්ෂාව පහත නොහෙළන පවත් පවසන ලදි.
මෙහිදි අමාත්‍ය විජේවර්ධන මැතිතුමා විසින් සංකේතාත්මකව රණවිරු වරප්‍රසාද කාඩ්පත් 17 ක් ප්‍රදානය කළ අතර, ඉතිරිය අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් ප්‍රදානය කරනු ලැබීය.
මෙහි ස්තුති කතාව විරුසර වරප්‍රසාද කාඩ්පත් ලාභීයෙකු විසින් සිදුකෙරිනි.
යුද හමුදාපති වෙනුවෙන් මෙම උත්සව සඳහා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ද එක්ව සිටියහ.
Best jordan Sneakers | Air Jordan Sneakers