Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2016 10:24:01 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති බුද්ධංගල ආරාණ්‍යයේ සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බදාදා (07) දිනි අම්පාර පිහිටි බුද්ධංගල ආරාණ්‍ය සේනාසනයේ සංචාරයක නිරත වූ අතර, එහිදි පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේ හමුවිය.

මෙම හමුවේ දී ස්වාමින් වහන්සේ, සෑම ආගමකම පැහැදිලි කර ඇති පරිදි අන්තර් ආගමික සහජීවනය සහ ජාතීන් අතර සමගිය පවත්වාගෙනයාමේ වැදගත්කම පිළිබඳව ආඥාපතිතුමා සමඟ සාකච්ජා කරන ලදි.

මෙහි දී උන්වහන්සේ, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත ආශීර්වාද කළහ.

24 වන සේනාංකයේ සේනාංකාධිපති ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Asics footwear | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov