Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2016 14:19:20 Hours

විශ්‍රාමික යුද හමුදා නිලධාරී සහ මිතුරන් එක්ව දමිල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදේ

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 553 බලසේනාවේ භට පිරිස් විසින් මුරුතන්කෙර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දමිල පාසල් ළමුන් 223 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ චාම් උත්සවයක් පලාලි තල්ලඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන මේජර් අරුණ පෙරේරා සහ ඔහුගේ මිතුරන් ඇතුළු කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා අභ්‍යාස පොත් තොගයක්, පෑන් සහ අනෙකුත් පාසල් උපකරණ තෙවන පාසල් වාර අවසාන දිනයේ සිකුරාදා (2) දින ප්‍රදානය කරනු ලැබීය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් එම පාසල් සිසුන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සියයකට අධික පිරිසක් සඳහා වෛද්‍ය සායනයක් ද පවත්වනු ලැබීය.

එම වෛද්‍ය සායනයෙන් හදුනා ගන්නා ලද විවිධ රෝගීන් ඒ ඒ ප්‍රදේශයන් හි රෝහල් වෙත ද මෙහිදී අනියුක්ත කරනු ලැබීය.

මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාදිත අමුත්තා ලෙස 55 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිරිමාල් ධර්මරත්න සහභාගි විය.

එම අවස්ථාව සඳහා බෞද්ධ, හින්දු සහ කතෝලික පූජ්‍ය පක්ෂය, 553 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසුන්දර, යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් සම්බන්ධීකරන නිලධාරී ලුතිතන් කර්නල් හරිශ්චන්ද්‍ර මායාසිංහ, 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් උපුල් හතුරුසිංහ, මුරුතන්කර්නි ප්‍රාදේශීය සභා ලේකම් කේ. කනගේෂ්වරම් මහතා, මුරුතන්කර්නි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස් නන්ද කුමාර් මහතා, තල්ලඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලයේ විදුහල්පති එස් බාලචන්ද්‍රන් මහතා, ගුරුභවතුන්, පාසල් සිසුන්, යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් රැසක් එක් වූහ.

Running Sneakers Store | nike air max 95 obsidian university blue book list