Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2016 18:39:21 Hours

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස චර්යා වර්ධන වැඩසටහනක් බදාදා (23) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 112 ක් සහභාගි වූහ.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය මේ සඳහා දේශන සහාය ලබාදෙන ලදි.

එම දේශන යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ලුතිතන් කර්නල් ජේ.ඒ.යූ.පී.කේ. ජයසූරිය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් එස්.ඒ. ගුණවර්ධන සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ අමරනාත් තැන්න මහතා විසින් මෙහෙයවිය.

Nike air jordan Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos