Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2016 18:26:28 Hours

තවත් පුහුණු වැඩසටහනක් සහ භට කාර්ය සම්පාදනය පිළිබඳ වැඩමුළුවක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් වෙනුවෙන් පසුගිය දා එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි.

ඒ අනුව බදාදා පැවැති පුහුණු දින වැඩසටහනේ දී 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කපිතාන් කේ.ඒ.ජේ.කාසිවෙට්ටි විසින් ‘North Korea and World Order’ යන මාකෘකාව යටතේ ද, 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් ටි.ටි. මදුසංඛ විසින් ‘General Pervez Musharaf ’ යන මාතෘකාව යටතේ ද දේශන පවත්වන ලදි. මීට අමතරව ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ කපිතාන් එච්.එම්.ජේ.පි. හෙරත් විසින් යුද හමුදා පනත සහ සිවිල් නීතිය පිළිබඳ දේශනයක් ද මෙහිදි පැවැත්විය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් පි.බි.එස්. ද සිල්වා ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

එමෙන්ම, භට කාර්ය සම්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් තවත දෙදින දේශන වැඩසටහනක් නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හි දී මුලතිව් ආරක්ෂක සේනා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.ඩබ්.පි.ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ පැවැත් වූ මෙම දෙදින වැඩමුළුවේ ආරම්භක දේශනය මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත විසින් සිදු කෙරිනි.

වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් සී.ඩබ්.පි.ජී.කේ. විජේසුන්දර මෙම වැඩමුළුව මෙහෙයවමින් ‘යුද හමුදා භට කාර්ය සම්පාදනය’ සහ ‘වැටුප් ප්‍රතිපත්ති ’ පිළිබඳ දේශන පැවැත්විය.

මුලතිව් ඉදිරිනඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් ඩි.සී.එස්. වන්නිආරච්චි ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් 65 දෙදෙනෙක් මෙම දේශන සඳහා සහභාගි වූහ.

Nike air jordan Sneakers | Nike