Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2016 22:14:22 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු පුහුණු පාසලේ පාඨමාලා අංක 17 හැදැරූ ආධුනික සෙබලුන් 257 ක් විසිරයති

දෙහිඅත්තකණ්ඩිය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක 17 හැදැරූ ශ්‍රී ලංකා යුද හමුදා ආධුනික සෙබලුන් 257 ක් සෙනසුරාදා (26) දින විසිරයන ලදි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ 14 ක්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ 65 ක්, ගජබා රෙජිමේන්තුවේ 14 ක්, සන්නද්ධ බුද්ධි බලකායේ 123 ක්, ශ්‍රී ලංකා රයිෆල් බලකායේ 38 ක් සහ ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමි බලකායේ 03 ක් මෙම ආධුනික සෙබලුන් පිරිසට ඇතුලත් විය.

ශාරීරික පුහුණු සහ තුර්ය වාදක සංදර්ශනවලින් වර්ණවත් වූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එම්.ජි.ඒ.එන්.බි.මහතුවක්කාර සහභාගි විය.

මාස 06 ක් පුරා පැවති මෙම මුලික පුහුණුවේ දී ප්‍රධාන උපදේශක මේජර් ජි.ආර්.කේ.පිලිප්පුආරච්චි, රෙජිමේන්තු සැරයන් මේජර් බලලත් නිලධාරී II ජි.එස්එම්. සේනාධීර, සරඹ උපදේශක මාණ්ඩලික සැරයන් එච්.එම්. දිසානායක සහ ප්‍රධාන ශාරීරික අභ්‍යාස උපදේශක මාණ්ඩලික සැරයන් කේ.එම්. නිශ්ශංක යන උපදේශකයින් කණ්ඩායමක් විසින් සරඹ, භූමි උපක්‍රම, යුද උපක්‍රම, ශාරීරික පුහුණුව, සිතියම් කියවීම සහ ක්‍රීඩා ආදිය පිළිබඳ පුහුණුව ලබාදෙන ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින්, ආධුනික සෙබලුන්ගේ දෙමපියන්, ඥාති හිත මිත්‍රාදීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

දක්ෂතම කණ්ඩය සහ එහිදි ලබාගත් ජයග්‍රහණ පහතින් දැක්වේ:

දක්ෂතම කණ්ඩය - ගැමුණු කණ්ඩය

දක්ෂතම කණ්ඩභාර නිලධාරී - 2 ලුතිතන් ටි.එන්. කන්නන්ගර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

දක්ෂතම කණ්ඩභාර සැරයන් - සැරයන් පි.ජි. ලක්මාල්

දක්ෂතම පෙළ අණදෙන්නා - කෝප්‍රල් ජේ.ඒ.ඩි. ප්‍රදීප් සේනක

දක්ෂතම ශාරීරික අභ්‍යාස උපදේශක - ලාන්ස් බොම්බඩියර් වයි.ජි.එම්.ඒ.පි.එල්. යල්කුඹුර

දක්ෂතම වෙඩික්කරු - ආධුනික සෙබල එස්.ඩබ්.ඩි. ලක්ෂාන්

දක්ෂතම ශාරීරික යෝග්‍යතා සෙබලා - කේ.එම්.පි.කේ. බණ්ඩාර

සෑම අතින්ම අතිශුර සෙබලා - ආධුනික සෙබල ආර්.ඒ.ඩි.පි. අරුණ ශාන්ත

buy shoes | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4