Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2016 22:05:44 Hours

නැගෙනහිර නව ආඥාපති 23 වන සේනාංකයේ සහ එහි බලසේනාවල සේවයේ නියුතු භට පිරිස් හමුවේ

නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදි 23 වන සේනාංක මුලස්ථානයේ , 231,232 සහ 233 බලසේනාවල සංචාරය කරමින් එහි සේවයේ නියුතු භට පිරිස් හමුවිය.

23 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී එහි සේනාංකාධිපති මේජර් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වල විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ව පිළිගන්නා ලදි.

එහිදි හමුදා සම්ප්‍රදායානුකුලව ආඥාපතිතුමා වෙත භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමිය.

ඉන් අනතරුව, ආඥාපතිතුමා විසින් එම අවස්ථාව සඳහා සහභාගි වූ සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 23 වන සේනාංකයේ භට පිරිස් ඇමතුහ.

තවද, එහිදි 23 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙහෙයුම් සම්බන්ධයෙන් සහ හමුදා සුභසාධන පහසුකම් සහ පරිපාලන කටයුතු පිලිබඳව ද ආඥාපතිතුමා දැනුවත් කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා සියලුම බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් ද එක්ව සිටියහ.

සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ නැගෙනහිර ආඥාපතිතුමා එදින සවස 233 බලසේනාවේ ද සංචාරය කරන ලදි.

ඊට පසු දින (24) නැගෙනහිර ආඥාපතිතුමා, තොප්පිගල පිහිටි 232 බලසේනාවේ සහ මඩකලපුවේ පිහිටි 231 බලසේනාවේ සංචාරය කළහ. මෙම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සංචාරක ආඥාපතිතුමන්ව පිළිගත් අතර, තම බලප්‍රදේශ තුල මෙහෙයුම් හා පරිපාලන අංශ පිළිබඳව ඔහු දැනුවත් කළේය.

Buy Sneakers | balerínky