Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2016 21:59:36 Hours

23 වන සේනාංකයේ සේනාංකාධිපති රාජකාරි භාරගනි

මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වල, 23 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස අඟහරුවාදා (03) දින පුනානි පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාර ගන්නා ලදි.

එහිදි මේජර් ජෙනරාල් පනන්වල විසින් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.

අනතුරුව නව සේනාංකාධිපති විසින් මෙම මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපනය කළහ.

මේජර් ජෙනරාල් පනන්වල 23 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාර ගැනීමට පෙර යුද හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාණ්ඩලික රාජකාරි ලෙස කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

Best Authentic Sneakers | nike air max 95 obsidian university blue book list