Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2016 11:50:58 Hours

ආගමික වතාවත්වලට මුල්තැනක් ලබාදෙමින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය සිය සංවත්සරය සමරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය බදාදා (23) දින වව්නියාව පිහිටි එම කඳවුරු පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැනක් ලබාදෙමින් සිය 18 වන සංවත්සරය සමරන ලදි.

මෙම සංවත්සර වැඩසටහන රණවිරුවන් සිහිකිරීමත් සමඟින් ආරම්භ විය. ඊට පෙර දින පැවැත් වූ බෝධි පූජා පිංකම මදුක්කන්ද විහාරයේ කිරිගල්වැව විමලසාර ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවිය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග සමඟින් එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම බෝධි පූජා පිංකම සඳහා සහභාගි වූහ.

හමුදා සම්ප්‍රදායන් ආරම්භ කරමින් සංවත්සර දිනයේ (23) දී ආඥාපතිතුමා වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම සිදු කෙරිනි.

අනතුරුව පෙළපාලියේ අණදෙන්නා ඇතුලු භට පිරිස් විසින් ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.

ඉන් අනතුරුව, සංවත්සරය නිමිත්තෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපනය කරන ලදි.

සියලු නිලයින් ඇමතු අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයට ද සහභාගි විය.

සන්ද්‍යාවේ පැවති සංගීත සැඳැවත් සමඟින් වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංවත්සර සැමරුම් වැඩසටහන අවසන් විය.

සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම සංවත්සර සැමරුම සඳහා එක්ව සිටියහ.

Running sport media | Nike Dunk - Collection - Sb-roscoff