Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2016 07:01:28 Hours

පේටන් බලපත්‍ර ලබාගැනීමට සුදුදු මට්ටමෙහි පර්යේෂණ සහ නව නිර්මාණ රැසක්

ශ්‍රී ලංකා යුද හමුදාව නුදුරේදී පිහිටුවනු ලැබු පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාව මගින් නව නිපැයුම් සහ නිර්මාණ මගින් යුද හමුදා සාමාජිකයින්ගේ දක්ෂතා ඔප්නැංවීම සදහා නව ව්‍යාපෘතියක් ආරම්භ කල අතර, 2016 වර්ෂය තුල නව නිපැයුම් 266 ක් අතරින් 32 ක් සදහා පේටන් බලපත්‍රය ලබාගැනීම සදහා සුදුසු මට්ටමේ නව නිර්මාණ ලෙස හදුනාගෙන ඇත.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම මත එම නව නිර්මාණ ආරක්ෂක සේනා මුලස්ථානයන් යටතේ ප්‍රදර්ශණ මගින් එලිදැක්වු අතර, එය වන්නි ආරක්ෂක මුලස්ථානයේ පලමු අධියර වශයෙන් ආරම්භ කරන ලදී.

ඉනොවේටා ප්‍රදර්ණය ව්‍යාපෘතියක් ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය, කිලිනොච්චිය, මුලතිව් යන ස්ථානවල පැවැත්වු අතර අම්පාර, පනාගොඩ ආදී යුද හමුදා කඳවුරුවල ද ඊට සමගාමීව ප්‍රදර්ශණ මාලාවක් සංවිධාණය කරන ලදී.

නව නිර්මාණ සදහා පේටන් බලපත්‍රය ලබාගැනීම සම්බන්ධව දැනුවත් කිරීමේ අරමුණින් සහ නව නිර්මාණ කරනයේ යුද හමුදාවට සැලසෙන ප්‍රයෝජනයන් පිළිබදව දැනුවත් කිරීම සදහා දේශණ මාලාවක් දිවයින පුරා යුද හමුදා කඳවුරුවල පැවැත්වීමට පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධණ ශාඛාව මගින් සංවිධානය කරන ලදී.

ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධණ මධ්‍යස්ථානය (NERD) සහ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය (NIPO) සහයෝගය ඇතිව එම දේශණ මාලාව ආර්ක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් පැවැත්වීමට කටයුතු සූදානම්කල අතර, ඒ තුලින් නව නිර්මාණකරණය පිළිබදව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදී.

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද නව නිර්මාණ තරඟාවලිය ඔස්සේ වන්නි ඉනොවේටා - 2016 ප්‍රථමයෙන් ඇරඹි ප්‍රදර්ශණ මාලාව ඔස්සේ පර්යේෂණ විශ්ලේෂන යෝජනා සහ සංවර්ධන ශාඛාව මගින් යුද හමුදා සාමාජිකයින් නව නිර්මාණකරණයට යොමුකරන ලදී.

වර්ථාමනය වන විට යුද හමුදා සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් 32 ක් සදහා පේටන් බලපත්‍ර ලබාගැනීමට ඉදිරි කටයුතු සුදානම් කර ඇත. මුළු ප්‍රමාණය 266 ක් එවැනිම වු නිර්මාණ ප්‍රසස්ථ මට්ටමින් නිර්මාණය කර ඇති බව සහ ඒවා වැඩිදුරටත් සංවර්ධනය කලහැකි බව හදුනාගෙන ඇත.

පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාව යුද හමුදා සාමාජිකයින් සදහා ඉදිරියේදී මෙවැනි නව නිර්මාණ එලිදක්වන ලෙස සහ ඒ සදහා අවැසි සහය ලබාදීමට සුදානමින් සිටින බව තවදුරටත් දැනුවත් කරනු ලබයි.

Buy Sneakers | New Balance 991 Footwear