Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2016 18:42:33 Hours

මුල්‍ය කළමනාකරණය පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් අධ්‍යක්ෂ සමග එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් වෙත "පෞද්ගලික ආයෝජන සහ මුදල් කළමනාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (23) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්විම යටතේ පැවැත් වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහ සඳහා යුද හමුදා සාමාජිකයින් 260 ක් සහභාගි වූ අතර, එහිදි මූල්‍ය සාක්ෂරතාවය, පුද්ගලික මූල්‍ය කළමනාකරණය, කුඩා පරිමාණ ආයෝජන, ආයෝජන සහ නෛතික රාමුව, මූල්‍ය කළමනාකරණය හා වැදගත් නීති මෙන්ම රෙගුලාසි වැනි විවිධ මාතෘකා පිළිබඳ දැනුවත් කෙරිනි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඒ.එස්. වීරවර්ධනගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් අධ්‍යක්ෂ ඩි.එම්. රූපසිංහ මහතා විසින් මෙහි දේශන පැවැත්විය.

url clone | Buy online Sneaker for Men