Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2016 14:02:30 Hours

වෙරළ ප්‍රදේශ ආරක්ෂා කිරීම පිළිබඳ ළමුන් දැනුවත් කිරීමක් 65 වන සේනාංකයෙන්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් නාච්චිකුඩා සහ පුනරින් ප්‍රදේශවල පාසල් ළමුන් සහ ගුරුවරුන් වෙනුවෙන් 'වෙරළ ආරක්ෂාව' පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (18) දින තේවාන්පිඩ්ඩි රෝමානු කතෝලික විද්‍යාලයේ දී පවත්වන ලදි.

මෙහි සාමාරම්භක දේශනය එම විද්‍යාලයේ උප විදුහල්පති විසින් සිදු කළ අතර, නාච්චිකුඩා සිට පුනරින් දක්වා වෙරළ ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදි.

මෙම වැඩසටහන සඳහා උප විදුහල්පති, ගුරුවරුන් දෙදෙනෙකු සහ පාසල් සිසුන් 152 ක් සහභාගි වූහ.

මෙහිදි අත්පත්‍රිකා බෙදාදෙමින් සහ වාර්තාමය චිත්‍රපටයක් ඉදිරිපත් කරමින් ඔවුන් දැනුවත් කිරිම සිදු කෙරිනි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඒ.එස්. වීරවර්ධන, 651 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ආර්. අබේසිංහ, 15 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයින් ද ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases