Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2016 13:58:41 Hours

වන්නි ආඥාපති 54 වන සේනාංකයේ සහ 61 වන සේනාංකයේ සංචාරයක

වන්නි ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග සඳුදා (21) දින 54 වන සේනාංකයේ සහ මන්නාරමහි පිහිටි ප්‍රධාන ආගමික ස්ථානවල සංචාරය කරන ලදි. මෙය වන්නි ආරක්ෂක සේනා නව ආඥාපතිගේ පළමු නිළ සංචාරය වේ.

එහි පැමිණි ආඥාපතිතුමන්ව 54 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් පිළිගත් අතර, භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

එහිදි මෙම සංචාරය සිහිවනු වස් ආඥාපතිතුමා විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපනය කරන ලදි. අනතුරුව 54 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම ප්‍රදේශයේ වගකීම් හා කාර්ය භාරයන් පිළිබඳව ආඥාපතිතුමාව දැනුවත් කෙරිනි.

තවද මෙම සේනාංකයේ සේනාංකාධිපතිගේ ඉල්ලීමකට අනුව මේජර් ජෙනරාල් කුලතුංග විසින් නව බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ ඉදිකිරිම් කටයුතු සඳහා මුල්ගල තැබීම ද සිදු කරන ලදි.

අවසානයේ නව ආඥාපති, භට පිරිස් ඇමතු අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය.

ඉන් අනතුරුව, වන්නි ආඥාපති මාතොට රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව සංඝරක්කිත ස්වාමින් වහන්සේ, මුරුක්කන් විහාරයේ විහාරාධිපති සහ මන්නාරම වැඩබලන අගරදගුරු කිංස්ලි ස්වාමි පිල්ලෙයි පියතුමා ද හමුවිය.

54 වන සේනාංකයේ සේනාංකාධිපති, 54 වන සේනාංකයේ බලසේනාධිපතිවරුන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එමෙන්ම, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග අඟහරුවාදා (22) දින එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංක මුලස්ථානයේ ද සංචාරය කරන ලදි.

මෙහි පැමිණී ආඥාපතිතුමන්ව 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්.එච්.පි.පි. පෙරේරා විසින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය සිහිවනු වස් ආඥාපතිතුමා විසින් 61 වන සේනාංක පරිශ්‍රයේ පැළයක් රෝපනය කරන ලදි.

එහිදි ආඥාපතිතුමා භට පිරිස් අමතා, විනය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යමින් සිය පුහුණුවිම් හා ප්‍රදේශය තුල සිදු කරනු ලබන කාර්ය භාරයන් ඉදිරියටත් කරගෙන යන ලෙස උපදෙස් ලබාදෙන ලදි.

එසේම ඔහු එම කඳවුරු පරිශ්‍රයේ හට පිරිස් වෙත ලබා දී ඇති පහසුකම් පිළිබඳව ද සොයා බැලු අතර, අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය.

තවද, එම සේනාංක සම්මන්ත්‍රණ ශාලාවේ දී 61 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ප්‍රදේශය කාර්ය භාරයන් පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කිරීම ද සිදු කෙරිනි.

එමෙන්ම 61 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමා විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබිම ද සිදු කෙරිනි.

Adidas shoes | Nike Shoes