Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2016 13:49:32 Hours

රණවිරුවන් ස්මරණය කරමින් බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය, 622 බලසේනාව සහ 9 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සම්බන්ධිකරණයෙන් ශ්‍රී තිස්සපුර රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමාවන් 28 ක් තැන්පත් කිරීම සහ ගල්කුලම යායා 10, සිරිපුර අඩු පහසුකම් සහිත පවුල් සඳහා වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂිකා අනෝමා කුඹුරුගමුව මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයින් විසින් 62 වන සේනාංකය, 622 බලසේනාව සහ 9 වන ගජබා රෙජිමේන්තු නිලධාරින් සහ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් මේ සඳහා අනුග්‍රහය දක්වනු ලැබීය. 1990 සැප්තැම්බර් මස 13 වන දින 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව යටතේ අම්පාර, සින්නවත්ත හි රාජකාරි කරමින් සිටිය දී මියගිය මේජර් පාලිත ගුණරත්න මහීපාල සිහිකරමින් පින් අනුමෝදනාවක් ද මෙහිදි සිදු කෙරිනි.

භට පිරිස්හි සහාය ඇතිව ශ්‍රී තිස්සපුර රජමහා විහාරයේ මෙම බුද්ධ ප්‍රතිමා 28 තැන්පත් කරන ලදි.

එදිනම අනෝමා කුඹුරුගමුව මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයින්ගේ අනුග්‍රහය ඇතිව වෛද්‍ය සායනය ද පැවැත්විය. එහිදි වකුගඩු, දියවැඩියාව, සුවනාරි සහ අක්ෂි රෝග පිළීබඳව පරික්ෂා කරන ලදි.

ඒ සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 570 කට ආසන්න පිරිසක් සහභාගි වූහ. වෛද්‍ය පහසුකම්වලට අමතරව පාසල් සිසුන් 35 ක් වෙත පාසල් උපකරණ ද මෙහිදි ලබාදෙන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බි.එච්.එම්.ඒ. විජේසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහීපාල හේරත්, රජ්‍ය නිලධාරීන් මෙන්ම තවත් නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

buy footwear | Nike