Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2016 13:43:51 Hours

මුලතිව් භට පිරිස් පුහුණු දින දේශන සඳහා සහභාගි වේ

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් වෙත හමුදා කරුණු පිළිබඳ නව දැනුමක් ලබාදීම සඳහා බදාදා (23) දින විවිධ තේමාවන් යටතේ දේශන දෙකක් පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.ඩබ්.පි.ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බි.පි.එස්. සිල්වා විසින් එම දේශන සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන් එම්.ජි.ටි.එන්. ප්‍රේමසිරි විසින් ‘Origins of The Universe’ යන මාකෘකාව යටතේ ද, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ දෙවන ලුතිතන් ඒ.ජි.එස්.එන්. අබේසූරිය විසින් ‘Indian Ocean as a Geo-Strategic Hotspot and its Implications on Sri Lanka’ යන මාතෘකාව යටතේ ද දේශන පවත්වන ලදි.

තවද, 6 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් යූ.ජි. කපිල විසින් ‘ශ්‍රීලවියාඉ ක්‍රියා පිලිවෙත’ පිළිබඳ දේශනයක් පවත්වන ලදි.

එම දේශන සඳහා නිලධාරීන් 60 ක් ද සෙසු නිලයින් ද වෙන්වෙන් වශයෙන් සහභාගි වූහ.

bridgemedia | Women's Nike Air Max 270 trainers - Latest Releases