Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2016 10:10:48 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු අභිත විරුවන් හට පදක්කම් ප්‍රදානය කරයි

මව්බිම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (22) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

කමාන්ඩෝ රෙජිමේන්තු රණවිරුවන් 533 ක් වෙත පදක්කම් ප්‍රදානය කිරිමේ මෙම උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහභාගි විය. තවද කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදි.

කමාන්ඩෝ රෙජිමේන්තු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ පැවති නිහඩතාවයක් පවත්වා එදින පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල ආරම්භ කරනු ලැබීය.

ප්‍රථමයෙන් රණ වික්‍රම පදක්කම හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් හට පිරිනැමු අතර, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා මෙම පදක්කම පිරිනමන ලදි.

ඉන් අනතුරුව රණ ශුර පදක්කම පිරිනැමිම සිදු කළ අතර, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම පදක්කම පිරිනමනු ලැබේ.

තවද ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උත්සවය අමතා පදක්කම්ලාභී අභිත විරුවන් හට සිය සුභ පැතුම් ද එක් කරන ලදි.

එමෙන්ම, ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනයත් සමගින් මෙදින උත්සවයේ අවසානය සනිටුහන් විය.

මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.

Nike air jordan Sneakers | シューズ