Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2016 13:41:30 Hours

යුද හමුදා රෝහලේ දී දියවැඩියාව පිළිබඳ දැනුවත් කෙරේ

යුද හමුදා රෝහල විසින් මේවන විට ක්‍රියාත්මක ‘නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ නොවැම්බර් මස 14 දිනට යෙදුණු ලෝක දියවැඩියා දිනයට සමගාමිව සඳුදා (21) දින නාරාහෙන්පිට යුද හමුදා රෝහලේ දී තවත් වැඩසටහනක් පවත්වන ලදි.

ඒ අනුව මෙහිදි සෞඛ්‍ය පරික්ෂණ සායන, අධ්‍යාපන වැඩසටහන් මෙන්ම දියවැඩියාව සහ එහි සංකූලතා පිළිබඳ දේශන ද පවත්වන ලදි.

නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක් ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම්. විජේවර්ධන සහ පෝෂණවේදි එන්.එම්.එස්. හෙට්ටිගෙදර මහතා විසින් බෝ නොවන රෝග සහ ඒවායින් වැළැක්වීම පිළිබඳව දැනුවත් කිරීම මෙහිදි සිදු කෙරිනි.

තවද, එම දේශනවලට සමගාමිව සීනි මට්ටම පරික්ෂා කර ගැනීමට සහ  රුධිර පීඩනය පරික්ෂා කර ගැනීමට සායනයක් මෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මැනීම ද නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක් ව්‍යාපෘතියේ සාමාජිකයන් විසින් එම ස්ථානයේ දී සිදු කරන ලදි.

එමෙන්ම, බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම්. විජේවර්ධන විසින් මෙම වැඩසටහනේ සමාරම්භක සැසියේ දී මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.

යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

jordan Sneakers | adidas Yeezy Boost 350