Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2016 19:15:41 Hours

දැනුවත් කිරීමේ වැඩසටහනක් යුද හමුදා රෝහලේ දී

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන පුද්ගලික සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් සිකුරාදා (11) දින කොළඹ යුද හමුදා රෝහලේ දී පවත්වන ලදි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යුද හමුදා පොලිස් හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාජිකයින් 205 ක් සහභාගි වූහ.

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ විනයාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ සඳහා දේශන සහාය ලබාදෙන ලදි.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයන් ලෙස යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ කර්නල් ආර්.එම්.එම්. මොණරාගල, ලුතිතන් කර්නල් ඒ.ටි.එස්. ආරියරත්න, ලුතිතන් කර්නල් ජේ.ඒ.යු.ජේ.පි. ජයසුරිය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කපිතාන් එච්.එම්.ජේ.පි. හේරත් සහ විනයාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් එන්.ඒ.කේ. කාරියවසම් කටයුතු කරන ලදි.

Mysneakers | nike air jordan lebron 11 blue eyes black people