Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2016 23:44:27 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු අභිත විරුවන් හට පදක්කම් ප්‍රදානය කරයි

මව්බිම වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක් සදුදා (21) දින කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් සිදු කරනු ලැබූ උදාරතම මෙහෙය අගයමින් පදක්කම් 1120 ක් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාර්යකරවන විසින් ප්‍රදානය කරනු ලැබීය.

අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු ගීතය ගායනා කිරීමෙන් පසු දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ නිහඩතාවයක් පවත්වා එදින පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල ආරම්භ කරනු ලැබීය.

2009 මැයි මස මානුෂීය මෙහෙයුමෙන් මව්බිම මුදවා ගැනීමට පෙර විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් සිදු කරනු ලැබූ උදාරතම මෙහෙය අගයමින් අභීත විරුවන් 1207 දෙනෙකු අතරින් 1120 දෙනෙකුට රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම් මෙහිදි ප්‍රදානය කරනු ලැබීය.

අනතුරුව යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා රණ වික්‍රම පදක්කම ප්‍රදානය කරන ලදී.

ප්‍රථම අදියරේ දී, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා නිලධාරීන් සහ සෙසු නිලයින් සදහා රණ වික්‍රම පදක්කම පිරිනමනු ලැබීය.

අනතුරුව සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සදහා රණ ශුර පදක්කම පිරිනමන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් උත්සවය ඇමතීමෙන් පසු ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනය සහ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව අවසානය සනිටුහන් විය.

මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් රැසක් ද සහභාගි වූහ.

best Running shoes | nike air speed turf rose gold price per gram