Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2016 15:23:06 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිව්වන සංවත්සරය සමරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිව්වන සංවත්සරය 2016 නොවැම්බර් මස 15 වන දින පනාගොඩ යුද හමුදා ජනපදයේ දී සමරනු ලැබීය.

එහිදී දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සෙබලුන් හට පිං පමුණුවමින් පනාගොඩ බෝධිරාජරාම විහාර පරිශ්‍රයේ බෝධි පූජා වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, පූජ්‍ය සෙනරත්ගම ධර්මරතන හිමි විසින් එම බෝධි පූජා වැඩසටහන මෙහෙයවනු ලැබීය.

එම බෝධි පූජා වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.එම්.ඒ.ඩබ්ලිව්.එන් රණවන සමගින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේරාජකාරී නියුතු නිලදාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

එමෙන්ම බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය මෙන්ම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා පිළිගනු ලැබීය.

මෙහිදී පනාගොඩ යුද හමුදා ජනපද පිවිසුම් දොරටුව අභියස දී බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා භට විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා භට පිරිස් විසින් ඉදිරිපත් කරනු ලැබූ අචාර සම්මාන පෙලපාලිය නිරීක්ෂණය කරනු ලැබීය.

පසුව ආඥාපතිතුමා සියලු නිලයින් ඇමතීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකින් පසු සංවත්සරයේ වැඩකටයුතු නිමා විය.

සංවත්සර උත්සවය සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, බලසේනාධිපතවරුන් සහ අණදෙන නිලධාරීන් සහභාගි වූහ.

jordan release date | Nike Shoes