Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2016 15:17:14 Hours

පුන් පොහෝ දිනය නිමිත්තෙන් ආශිර්වාද පතා බෝධි පූජා වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාභට පිරිස් විසින් දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ සේවයේ නියුක්ත යුද හමුදා සාමාජිකයින් හට ආශිර්වාද පතා ඉල් පුන් පාහෝ දා(14) දින බෝධි පූජා පිංකමක් සංවිධානය කරන ලදී.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි බෝධි කන්ද මළුව විහාරයේ විහාරවාසී පූජ්‍ය එල්ලාවල සෝභිත හිමියන් විසින් බෝධි පූජා පිංකම සහ ධර්ම දේශණාව පවත්වනු ලැබීය.

එම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ සමගින් එම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.කේ වඩුගොඩපිටිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය රැසක් සහභාගි වූහ.

මෙහිදි ධර්ම දේශණාව සිදු කරනු ලැබූ දේශකයාණන් හට අටපිරිකර පූජා කිරීම ද සිදු විය.

bridgemedia | GOLF NIKE SHOES