Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2016 16:46:45 Hours

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් එක් පරිගණක පාඨමාලාවක් නිමා වේ

Future Step IT Solution Private Limited අනුග්‍රහයෙන් 66 වන සේනාංක මූලස්ථානය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබූ මූලික පරිගණක පාඨමාලාව - 2016 බ්‍රහස්පතින්දා (10) දින නිමා විය.

ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කරනු ලැබූ එම පාඨමාලාව සඳහා සෙසු නිලයින් 43 දෙනෙකු සහභාගි වූහ.

භට පිරිස්හි තෙරතුරු තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුම වැඩි දියුණුකර ගැනීමේ අදිටනින්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණු උපදෙස් අනුව එම පාඨමාලාව පවත්වනු ලැබීය.

එම පාඨමාලාවෙහි සමාප්ති උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයෙහි ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලුතිතන් කර්නල් බී.ඒ.එස්.එස්.ඩී බුලත්ගම සහභාගි විය.

Future Step IT Solution Private Limited ආයතනය විසින් පාඨමාලාව සම්පූර්ණව නිම කරනු ලැබූ පාඨමාලාලාභීන් හට සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, Future Step IT Solution Private Limited ආයතනයෙහි උපදේශකවරුන් සහ පාඨමාලාලාභීන් සහභාගි වූහ.

Nike air jordan Sneakers | NIKE RUNNING SALE