Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2016 16:07:39 Hours

නැගෙනහිර නව ආරක්ෂක සේනා ආඥාපති 24 වන සේනාංකයෙහි සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නව ධූරයට පත් වූ පසු ප්‍රථමවරට නොවැම්බර් මස 7 සහ 8 යන දිනයන්හි අම්පාර පිහිටි 24 වන සේනාංක මූලස්ථායෙහි සංචාරයක නිරත විය.

 

එහිදී 24 වන සේනාංකයෙහි සේනාකංධිපති බ්‍රිගේඩියර් එල්.එම් මුදලිගේ විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, 24 වන සේනාංක භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

එම සංචාරය සිහිගන්වමින් ආඥාපතිතුමා විසින් එම මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

අනතුරුව ආඥාපතිතුමා භට පිරිස් ඇමතූ අතර, 24 වන සේනාංකය යටතේ සිටින බලසේනාධිපතිවරුන් විසින් එම ප්‍රදේශයේ සංහිදියාව සහ ආරක්ෂක තත්වය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් බලසේනාධිපතිවරුන් සහ ඛණ්ඩ භාර නිලධාරීන් එක්ව භට පිරිස් හි මූලික අවශ්‍යතා සහ සුබසාධන කටයුතු පිලිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Running sport media | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD