Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2016 16:31:08 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව කර්නල් සේනාවිධායක සිය රාජකාරි භාරගනී

මේජර් ජෙනරාල් උභය මැදවල, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස සිකුරාදා (11) දින කොළඹ 15, රොක් හවුස් හි පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාර ගන්නා ලදි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා 1 වන විමර්ශණ රෙජිමේන්තු අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ආර්.ආර්.එම්.පී.එන්.බී බඹරදෙණිය විසින් නව කර්නල් සේනාවිධායක ඉතා උණුසුම් අයුරින් පිළි ගත් අතර භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

අනතුරුව මේජර් නෙජරල් මැදවල ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නව කර්නල් සේනාවිධායක ලෙස රාජකාරී භාර ගැනීමේ ලිපි ලේඛණ සඳහා අත්සන් තබනු ලැබීය.

ඉන්පසු, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එල්.පි.එස්. තිලකරත්න විසින් හමුදා සම්ප්‍රදායානුකුලව ඉදිරිපත් කරනු ලැබූ වර්ණවත් සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කිරීම සඳහා නව කර්නල් සේනාවිධායක වෙත ආරාධනා කරනු ලැබීය.

මෙම අවස්ථාව සිහිගන්වමින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.

එසේම, නව කර්නල් සේනාවිධායක විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටා ඇති බුදු මැදුරේ දී ආගමික වතාවත් සිදු කරනු ලැබීය.

අනතුරුව නව කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් අමතා, රෙජිමේන්තුව පිළිබඳව ඇති තම දැක්ම පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය.

jordan release date | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf