Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2016 14:02:27 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි නික්ම යන කර්නල් සේනාවිධායක වෙත භට පිරිස් හි ආචාරය

යුද හමුදා විධායක ජෙනරාල් වශයෙන් රාජකාරි හි නියුතුව සිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නික්ම යන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත වෙනුවෙන් බ්‍රහස්පතින්දා (10) දින කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නික්ම යාමේ උත්සවයක් පවත්වන ලදි.

ඒ අනුව හිටපු විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත 2016 නොවැම්බර් මස 10 වන දින සිට යුද හමුදාවෙන් විශ්‍රාම යන ලදි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා 1 වන විමර්ශණ රෙජිමේන්තු අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් නාගිත බඹරදෙණිය විසින් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පිළි ගත් අතර භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනැමිම ද සිදු කෙරිනි. එය එදින වැඩසටහනේ ප්‍රථම අංගය විය.

අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකුලව පැවැත් වූ වර්ණවත් සම්මාන පෙළපාලිය නික්ම යන කර්නල් සේනාවිධායක, පෙළපාලියේ අණදෙන්නා සමඟින් නිරික්ෂණය කළ අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එල්.පි.එස්. තිලකරත්න ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එමෙන්ම මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් නිල ලේඛණවලට අත්සන් තබමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක තනතුරේ වගකීම් භාරදීම සිදු කෙරිනි.

තවද, නික්ම යන කර්නල් සේනාවිධායක සියලු නිලයින් සඳහා වූ තේ පැන් සංග්‍රහයට සහභාගිවීමට ප්‍රථම රොක් හවුස් කඳවුරු භූමියේ සංකේතාත්මකව පැළයක් ද රෝපනය කරන ලදි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ නික්මයන සභාපතිනි ශීරානි උඩවත්ත මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එදින වැඩසටහන අවසනයේ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ජය ශ්‍රී මධ්‍යයේ මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත සිය ධූරයෙන් නික්ම යනු ලැබීය. අනතුරුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා නිලධාරීන් මෙන්ම සේවාවනිතා සාමාජිකාවන් ද සහභාගි වූහ.

මේජර් ජෙනරාල් බි.ඒ. පෙරේරා ඇතුලු සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන් ද මේ සඳහා සහභාගි වූහ.

Nike air jordan Sneakers | adidas Yeezy Boost 350