Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2016 16:34:23 Hours

ජ’පුර ශිෂ්‍යයින් මුලතිව් සහ යාපනය අධ්‍යාපන චාරිකාවක

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරීන්, උපාධිධාරීන්, ඩිප්ලොමාධාරීන් සහ කථිකාචාර්යවරුන් 65 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් ඉරිදා (6) දින උතුරු සහ නැගෙනහිර පලාතේ අධ්‍යාපන චාරිකාවක නිරත වෙමින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරය කැන ලදි.

එහිදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.එස්.පී ද සිල්වා විසින් එම සිසුන් පිරිස පිළිගනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඒ.ආර් ඔබේසේකර විසින් මුලතිව් ජනතාවගේ පොදු ආර්ථිකය, සමාජ සහ අනෙකුත් කරුණු පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී පශ්චාත් උපාධිධාරීන් සහ කථිකාචාර්යවරුන් එක්ව යුද්ධය වාර්තාකරණය සහ ජනමාධ්‍ය පිලිබඳව ප්‍රායෝගිත ක්‍රියාකාරකම් සඳහා එක් වූ අතර, අනතුරු සිසුන් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය.

අධ්‍යාපන චාරිකාව අවසනායේ ශිෂ්‍යයින් සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

මේ අතරතුර එම කණ්ඩායම (6) පස්වරුවෙහි යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, එහිදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් විසින් එම ශිෂ්‍ය පිරිස පිළිගනු ලැබීය.

අනතුරුව තිලක් සේනානායක මහතා විසින් මෙම සංචාරයෙහි අරමුණ පැහැදිලි කරනු ලැබීය.

එහිදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් රුක්මන් බණ්ඩාර විසින් යුද හමුදාව යාපනය අර්ධද්වීපයේ සිදු කරනු ලැබූ කාර්යයන් සහ ඔවුන්ගේ වගකීම පිලිබඳව දැනුවත් කරනු ලැබීය.

අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයෙන් ප්‍රශ්ණ ඇසීමට ද එම ශිෂ්‍යයින් හට අවස්ථාව උදා කර දී තිබුණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරමින් සංචාරය නිමා කරන ලදී.

latest Running Sneakers | Nike Running