Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2016 16:14:31 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන (31) පෙරවරුවෙහි කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී නව ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස් ආරියසිංහ විසින් නව රෙජිමේන්තු අධිපති පිළිගත් අතර, විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කෙරිනි.

අනතුරුව මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් එම අවස්ථාව සිහිගන්වමින් සුදු සඳුන් පැළයක් රෝපණය කරන ලදි.

එහිදී ආගමික ආශිර්වාද මධ්‍යයේ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් සංකේතාත්මකව නිල ලිපි ලේඛනවලට අත්සන් තබමින් නව ධුරයෙහි රාජකාරී භාර ගනු ලැබීය.

නව රෙජිමේන්තු අධිපති සියලු නිලයින් ඇමතීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

එම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

Sports Shoes | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD