Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2016 10:25:22 Hours

65 වන සේනාංකයේ කණ්ඩායම් භාර නිලධාරීන් සඳහා වූ පාඨමාලාව සහ යෝගා පාඨමාලාව නිමා වේ

65 වන සේනාංක මූලස්ථානයෙහි සති දෙකක් පුරා කණ්ඩායම් භාර නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ වැඩමුළුව බ්‍රහස්පතින්දා (27) දින නිමා වූ අතර, ඒ සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා බලප්‍රදේශයෙහි රාජකාරී නියුතු නිලධාරීන් 24 දෙනෙකු සහභාගි වූහ.

මෙහිදී මාණ්ඩලික රාජකාරීන් සහ කණ්ඩායම් භාර නිලධාරියෙකුගේ භූමියේ කාර්යභාර්යයන් පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

ඒ අතර, එම සේනාකයේම සති 5 ක පුහුණු සැසිය අවසානයේ පවත්වනු ලැබූ යෝග පාඨමාලාව සඳහා 25 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දී  පැවැත් වූ අතර, ඒ සඳහා නිලධාරීන් තිදෙනකු සහ සෙසු නිලයින් 41 දෙනෙකු සහභාගි වූහ.

මෙම පුහුණූ පාඨමාලා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණයෙන් සංවිධානය කරනු ලැබීය.

එම පාඨමාලාවන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 653 බලසේනාවෙහි බලසේනාධිපති කර්නල් එම්.පී.ජෙ.එස්.කේ පටබැදිගේ එක් වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එම අවස්ථාව සඳහා එක් වූහ.

latest jordans | THE SNEAKER BULLETIN