Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2016 22:06:18 Hours

අන්තර් සේනාංක මලල ක්‍රීඩා තරඟාවලිය අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී

අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙල - 2016 ඔක්තෝබර් මස 25 – 26 දෙදින තුල අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත් විය. මෙම මලල ක්‍රීඩා තරඟාවලිය මඟින් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ශාරීරීක යෝග්‍යතාවය සහ උද්යෝගීමත් බව තම තරුණ මනසෙහි ඇතිකරලීම උදෙසා උපයෝගී වේ.

මෙම තරඟාවලිය සඳහා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය, එහි සේනාංක, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස සහ 2 (සෙව්) සහ 4 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා ද තරඟ වදින ලදි.

මෙහි දි 21 සහ 62 වන සේනාංක සම ශුරතා දිනා ගත් අතර, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය අනුශුරතාවය දිනා ගන්නා ලදි.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ලාන්ස් කෝප්‍රල් ටි.සී. රෝෂාන් කුමාර දක්ෂතම මලල ක්‍රීඩකයා (පිරිමි) සහ 2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල ආර්.එස්.පි. මෙන්ඩිස් දක්ෂතම මලල ක්‍රීඩිකාව (කාන්තා) තේරී පත් විය.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා නියෝජනය කරමින් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. තවද උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, අදාල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙන්ම පාසල් ගුරුවරුන් සහ සිසුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Buy online Sneaker for Men