Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2016 21:53:19 Hours

කිලිනොච්චි ‘දීපාවලි’ පූජාව සඳහා භට පිරිස් එක් වේ

හින්දු ජනතාවගේ විශ්වාසයට අනුව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණිම සංකේතවත් කරමින් සමරන ජාතික උත්සවයක් වන දීපවාලි උත්සවය වෙනුවෙන් කිලිනොච්චි තිරිමුරුක්කන්ඩි පිල්ලේයාර් හින්දු කෝවිලේ දී සෙනසුරාදා (29) දිපවාලි දින විශේෂ පූජාවක් පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ප්‍රමුඛ ප්‍රදේශයේ භට පිරිස් විසින් මෙම පූජාව සඳහා සහභාගි වූ අතර, එහිදි ශ්‍රී ලංකාවාසී සියලුදෙනහෙට ආශිර්වාද පතමින් අනාගතය සෞභාගයමත් වේවා යැයි ප්‍රාර්ථනා කරන ලදි.

ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

bridgemedia | Air Jordan Release Dates 2020