Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2016 21:49:51 Hours

මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමිය සහ එහි සභිකයන් උතුරේ සංචාරයක

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඇතුලු මධ්‍යම පලාත් සභාව සභිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් 80 දෙනෙකු ඔක්තෝබර් මස 22 සිට 24 දක්වා උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලදි.

මෙම කණ්ඩායම ‘සමාජ සංහිඳියාව දකුණේ සිට උතුරට’ යන තේමාව යටතේ සංවිධානය වී ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශයන්හි සංචාරයක නිරත වෙමින් විවිධ ජනකොටස් හමු වී ඔවුන් සමඟ හොඳ හිත සහ අවබෝධය වර්ධනය කරගැනීමේ අරමුණින් අදහස් හුවමාරු කර ගන්නා ලදි.

මෙම නියෝජිත පිරිස ඉරිදා (23) දින වඩ්ඩුවාකල් විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේ දී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් 59 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි විසින් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂිකා එම්. මල්වරාසා මහත්මිය ද එක්ව සිටියහ. මෙහිදි ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ සාකච්ජා කරමින් ඔවුන් මුහුණ පාන ගැටලු පිළිබඳ සාකච්ජා කරන ලදි.

ඉන් අනතුරුව පැමිණි පිරිස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.බි.පී. ප්‍රනාන්දු සමඟින් 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කළ දිවා භෝජන සංග්‍රහයට ද සහභාගි විය.

best Running shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp