Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2016 17:20:16 Hours

‘මිත්‍ර ශක්ති’ අවසන් සතියට

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ මෙවර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී සඳුදා (24) දින ආරම්භ වූ අතර, මේ වන විට සහභාගීවුවන් විවිධ පුහුණු ආකෘති සඳහා සම්බන්ධ වෙමින් සිටියි.

බදාදා (26) වන දින වන විට සහභාගිවුවන් ශාරීරික යෝග්‍යතා පරික්ෂණයකට සහභාගි විමෙන් අනතුරුව විවිධ ක්‍රියාන්විත, විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණුව, සිතියම් කියවිම, ප්‍රශ්න කිරීමේ ශිල්ප ක්‍රම ආදිය පිළීබඳ දේශන සඳහා සහභාගි විය. තවද මේ සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයින් දිනය අවසානයේ දී විනෝදාත්මක ක්‍රියාකාරකම්වල ද නිරිත විය.

බ්‍රහස්පතින්දා (27) දින පැවති පුහුණු සැසියේ දී මරාගෙන මැරෙන බොම්බකරුවන්, එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම්, වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම හා නිශ්ක්‍රිය කිරීම, රසායනික අවි, ජිව විද්‍යාත්මක උවදුරු ආදිය අරමුණු කරගනිමින් ඉතා රසවත් දේශන පවත්වන ලදි.

ඊට පසු දින (28) යම් ප්‍රමාණයක ලිහිල් දිනයක් වූ අතර, එහිදි ඉන්දිය යුද හමුදා භට පිරිස් සිංහ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේ දී යෝග වැඩසටහනක් පවත්වන ලදි. එයට පෙර පුහුණුලාභීන් විසින් ක්ෂණික වෙඩි තැබිම් සහ කැලෑ මංතීරු වෙඩි තැබිම් පිළිබඳව දැනුවත් වන ලදි.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්න සෙනසුරාදා (29) දින මෙහි සංචාරය කළ අතර, පුහුණුලාභීන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදි. එසේම ඔහු ඉන්දීය භට පිරිස් ද හමු වූ අතර ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ක්ෂණික ප්‍රතික්‍රියක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නිදර්ශනය ද නරඹන ලදි.

සති දෙකක් පුරා පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය - 2016 සඳහා ඉන්දිය යුද හමුදා නිලධාරින් 06 ක් ඇතුලු සාමාජිකයින් 45 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒ හා සමාන භට පිරිසක් සහභාගි වී ඇත.

අධ්‍යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විසින් මෙම 4 වන ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ සම්බන්ධිකරණය සහ අධික්ෂණය සිදු කරන අතර, මෙමගින් හමුදාවන් අතර යහපත් සබඳතා සහ සහයෝගය ප්‍රවර්ධනය වේ. මෙම පුහුණු අභ්‍යාසය ඉරිදා (නොවැමිබර් 06) දින අවසන් වේ.

එමෙන්ම ඉරිදා දින ඉන්දීය භට පිරිසි බන්දීය සාමසාධක හමුදා ස්මාරකය, රණවිරු ස්මාරකය, ගාලු මෝදර පිටිය ඇතුලු තවත් වැදගත් ස්ථාන වෙත සංචාරය කිරීමට නියමිතය.

jordan release date | Trending