Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2016 13:46:39 Hours

මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති 12 වන සේනාංකයෙහි සහ බලඇණියන් හි සංචාරයක

නව ධූරයට පත් වූ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති සඳුදා (24) දින හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මූලස්ථායෙහි නිල සංචාරයක නිරත විය.

එහිදී 10 වන ගැමුණු හේවා රෙජ්මේන්තු භට පිරිස් විසින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

එම සංචාරය සිහිගන්වමින් ආඥාපතිතුමා විසින් 12 වන සේනාංක පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

එහිදී ආඥාපතිතුමා සියලු නිලයින් ඇමතූ අතර, එම අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස්, 121 සහ 122 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 12 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

අනතුරුව අඥාපතිතුමා විසින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිමින් සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද එක් විය.

Nike Sneakers Store | Sneakers