Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2016 21:47:52 Hours

පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව භට පිරිස් දැනුවත් කරයි

යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමේ වැදගත්කම අවදාරණය කරමින් ‘පුද්ගලික සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව’ පිළිබඳව දේශණයක් අඟහරුවාදා (18) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතා ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ එම වැඩමුළුව මගින් ළමා යහපැවැත්ම, පවුලේ යහපැවැත්ම, බෝ නොවන රෝග වැළැක්වීම, රෝග නිවාරනය, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, ස්ත්‍රී පුරුෂ ප්‍රචන්ඩත්වය වැළකීම ආදිය පිළිබඳව දැනුවත් කරන ලදි.

එම පළමු සැසියේ දී වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති විසින් සහභාගීවුවන් අමතමින් යුද හමුදා සාමාජිකයෙකු ලෙස මෙවැනි වැඩමුළුවක ඇති වැදගත්කම අවධාරනය කරන ලදි.

මෙම වැඩමුළුව සඳහා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

spy offers | Nike