Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2016 17:49:10 Hours

‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති පුහුණු අභ්‍යාසය මෙවර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී සාර්ථකව පැවැත්වෙන අතර, ඔක්තෝබර් 25 සහ 26 යන දෙදින තුල ත්‍රස්ත මෙහෙයුම වැළැක්විම පිළිබඳ දේශන පවත්වන ලදි.

අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ සැලසුම් කරන ලද මෙම අභ්‍යාසය ඉන්දියන් යුද හමුදා සාමාජිකයින් 45 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ පාබල හමුදා සෙබලුන් 45 දෙනෙකු සහභාගිත්වයෙන් සඳුදා (24) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී  ආරම්භ කරනු ලැබීය.

අඟහරුවාදා (25) දින යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් විජිත රවිප්‍රිය විශේෂ ආරාධිතයෙකු ලෙස සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරය කළ අතර, එහිදි හමුදා ද්විත්වයේ පුහුණුලාභීන් සමඟ අදහස් ද හුවමාරු කර ගන්නා ලදි. යුද හමුදා පාබල අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විසින් මෙම පුහුණු අභ්‍යාසයේ සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලබයි.

තවද, පුහුණුලාභීන් සදහා පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීම සහ නිශ්ක්‍රිය කිරීම, රසායනික අවි, ප්‍රභූ ආරක්ෂාව, යුද බාධක, ජීව විද්‍යාත්මක උපද්‍රව හඳුනාගැනීම, අධීක්ෂණය හා පිරික්සුම් ආදිය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දී දැනුවත් කරනු ලැබේ.

යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වාගේ සෘජු අධික්ෂණය යටතේ අභ්‍යාස අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.පි.අයි. ප්‍රනාන්දු කටයුතු කරන අතර නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂවරුන් ලෙස කර්නල් ජි.එම්.සි.කේ.බි. ඒකනායක සහ කර්නල් කේ.ආර්.කේ.කේ.ටි. බණ්ඩාර කටයුතු කරනු ලැබේ. ඉන්දිය යුද්ධ හමුදාවේ මේජර් රාකේෂ් රවුශාන් විසින් ඉන්දිය භට පිරිස් හට අණදීම සිදුකරනු ලබයි.

අවසන් අභ්‍යාසය නොවැම්බර් 04 වන දින පැවැත්වෙන අතර, අවසන් උත්සවය නොවැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතය.

Nike Sneakers | シューズ