Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2016 09:23:07 Hours

කිලිනොච්චි පාසල් සිසුන් වෙත තවත් පාපැදි 100 ක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ගුණ ජය සතුට පදනමේ අනුග්‍රහය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් වෙත පාපැදි 100 ක් බෙදාදීමේ තවත් ව්‍යාපෘතියක් ඉරිදා (23) දින පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආශිර්වාදයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දැනට ක්‍රියාත්මක සිවිල් සහ හමුදා සම්බන්ධීකරණයේ තවත් පියවරක් ලෙස මාන්කුලම් විද්‍යාලයේ දී මෙම වැඩසටහන පැවැත්විය.

පාසල් බලධාරීන් සහ ග්‍රාමසේවා නිලධාරීන් විසින් සිසුන්ගේ පවුල්වල ආර්ථික තත්වය සොයා බැලීමෙන් අනතුරුව මෙම පරිත්‍යාග සඳහා සිසුන් තෝරාගෙන ඇත.

එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමා නියෝජනය කරමින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සහභාගි විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක, 651 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ, ගුණ ජය සතුට පදනමේ සභාපති කුසිල් ජයසේකර මහතා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, දෙමාපියන් සහ පාසල් සිසුන් සමගින් ආචාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

latest jordan Sneakers | adidas