Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2016 18:34:52 Hours

යුද හමුදා සහ සිවිල් කණ්ඩායම් තරඟ වැදුණු ‘සහයෝගීතා පාපන්දු තරඟාවලිය’

ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ක්‍රීඩා හැකියාවන් සහ හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණින් ‘සහයෝගීතා පාපන්දු තරඟාවලිය’ යුද හමුදා කණ්ඩායම් සහ සිවිල් කණ්ඩායම් අතර සෙනසුරාදා (22) දින කිලිනොච්චි පරවිපච්චාන් ක්‍රීඩාංගනයේ දී කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්විම යටතේ සිවිල් හමුදා ඒකාබද්ධ කණ්ඩායම් ලෙස සිවිල් සාමාජිකයින්ගෙන් ද සමන්විතව මෙම තරඟය පවත්වන ලදි.

එහිදි ගෝල 4 ක් රැස් කරමින් 66 වන සේනාංක ඒකාබද්ධ කණ්ඩායම පරදා 57 වන සේනාංකයේ ඒකාබද්ධ කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දින ගන්නා ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන මෙම තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඊට එක්ව සිටියහ.

තවද, ‘සහයෝගීතා පාපන්දු තරඟාවලිය’ නැරඹිම සඳහා සිවිල් සාමාජිකයින් සහ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගි වූහ.

අනතුරුව මෙහි පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයින් විසින් ශුරතාවය සහ අනුශුරතාවය හිමි කර ගත් කණ්ඩායම් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමිම සිදු කෙරිනි.

Authentic Sneakers | NIKE RUNNING SALE