Header

Sri Lanka Army

Defender of the Nation

25th October 2016 18:27:51 Hours

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති 593 බලසේනා මුලස්ථානයේ සහ බලඇණිහි සංචාරයක

මුලතිව් ආරක්ෂක සේනා නව ආඥාපති බ්‍රහස්පතින්දා (20) දින 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 593 බලසේනා මුලස්ථානයේ සහ බලඇණිහි සංචාරය කරන ලදි.

ඒ අනුව 593 බලසේනා මුලස්ථානයේ දී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දු වෙත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

තවද, 593 වන බලසේනා පරිශ්‍රයේ දී මෙම සංචාරය සිහිවනු වස් ආඥාපතිතුමා විසින් පැළයක් ද රෝපනය කෙරිනි.

ඉන් අනතුරුව, ආඥාපතිතුමා 19 වන ගැමුණු හේවා බලකා මුලස්ථානයේ ද සංචාරය කළහ. තවද, ආඥාපතිතුමා, සියලු නිලයින් සමඟ දිවා භෝජන සංග්‍රහයට සහභාගිවීමට ප්‍රථම 19 වන ගැමුණු හේවා බලකා අණදෙන නිලධාරී විසින් ප්‍රදේශය පිළිබඳව දැනුවත් කිරීම ද සිදු කරන ලදි.

එදිනම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරය කරන ලදි.

Adidas footwear | AIR MAX PLUS