Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2016 16:57:41 Hours

‘පිංකම’ සඳහා බෞද්ධයින් වෙත යුද හමුදා සහාය

වැසි සමය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා වෙත චීවර පූජා කිරීම සහ දානය පිරිනැමීමේ වැඩසටහනක් නාවට්කුලි ශ්‍රී සමිද්ධි සුමන විහාරයේ දී සඳුදා (17) වන දින සිදු කරනු ලැබීය.

ශ්‍රී සමිද්ධි සුමන විහාරය සිව්වන වරටත් පවත්වනු ලැබූ චීවර පූජා කිරීමේ උත්සවයේ පෙරහැර සඳහා සිවිල් වැසියන් සහ යුද හමුදා සාමාජිකයින් ද සහභාගි වූහ.

මෙහි ධර්ම දේශණය සහ අනෙකුත් ආගමික කටයුතු එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය හංවැල්ලේ රත්නසිරි ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලැබීය.

නාවට්කුලම් ගම්මානයේ වෙසෙන බෞද්ධ බැතිමතුන් විසින් සංවිධාන කරනු ලැබූ මෙම පිංකම සඳහා 523 බලසේනාව විසින් සහයෝගය දක්වා ඇති අතර, එම කඨින පෙරහැර සඳහා හින්දු සහ සිංහල සංස්කෘතික නර්ථන කන්ඩායම් ද සහභාගි විය. මෙම වැඩසටහන අවසානයේ සර්ව රාත්‍රිත පිරිත් සඡ්ඡායනාවක් සහ පසු දින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 69 නමක් සහ භික්ෂුණීන් වහන්සේලා 10 නමක් විෂයෙහිලා දානමය පිංකමක් ද පවත්වන ලදි.

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චිගේ උපදෙස් මත 523 බලසේනාවේ භට පිරිස් විසින් මෙම පිංකම සඳහා සහභාගි වූ සැදැහැවතුන් සඳහා අහාරපාන ලබාදෙනු ලැබීය.

best shoes | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify