Header

Sri Lanka Army

Defender of the Nation

24th October 2016 10:56:53 Hours

‘මිත්‍ර ශක්ති’ සඳහා ඉන්දීය භට පිරිස් පැමිණෙයි

4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ සඳහා සහභාගිවීමට නිලධාරීන් 4 දෙනෙකු ඇතුලු ඉන්දීය යුද හමුදා සාමාජිකයින් 45 දෙනෙකු අද (23) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණෙන ලදි.

මේජර් නිතේෂ් බත්නාගර් ප්‍රමුඛ එම ඉන්දීය නියෝජිත පිරිස කර්නල් ඊ.ඒ.පි.එදිරිවීර සහ මෙම අභ්‍යාසයේ නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂක කර්නල් කේ.ආර්.කේ.කේ.ටී බණ්ඩාර විසින් පිළිගනු ලැබීය.

අන්තර් ජාතික ත්‍රස්තවාදය, අන්තර් ක්‍රියාකාරි හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝනය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ සැලසුම් කරන ලද 4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර, එම අභ්‍යාසය සඳුදා (24) දින සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතය.

දෙසතියක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් හය දෙනෙක් සමගින් 45 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් සහභාගිවීමට නියමිත අතර, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒ හා සමාන භට පිරිසක් සහභාගිවීමට නියමිතය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම අභ්‍යාසයේ අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ඒ.පී.අයි ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂකවරුන් ලෙස කර්නල් ජී.එම්.සී.කේ.බී ඒකනායක සහ කර්නල් කේ.ආර්.කේ.කේ.ටී බණ්ඩාර කටයුතු කරනු ලැබේ. ඉන්දීය යුද හමුදා භට පිරිස් සඳහා අණදීම ඉන්දීය යුද හමුදා මේජර් රාකේෂ් රෝෂාන් විසින් සිදු කරනු ලැබේ.

මෙම පුහුණු අභ්‍යාසයේ නිරීක්ෂකයින් ලෙස ඉන්දීය යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුජිත් සිවාජි පටෙල් සහ උපදේශකයින් ලෙස ලුතිතන් කර්නල් හේමන්ත් කුමාර් බෙල්වාල් සහ මේජර් බාස්කර් ටල්වාර් සහභාගි වන අතර, (නොවැම්බර් 06) දින අවසන්වීමට නියමිත මෙම අභ්‍යාසයේ අවසන් අධියරේ දී එහි ඇගයීම් කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලැබේ.

වාර්ෂික පුහුණු වැඩසටහනක් වන ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසය මීට පෙර ඉන්දියාවේ දී දෙවරක් පැවැත් වූ අතර, කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී එක් වරක් පවත්වනු ලැබීය. මෙමගින් ද්විපාර්ශවික හමුදාමය සම්බන්ධතාවයත්, අසල්වාසී හමුදාවන් අතර අවබෝධය සහ බැඳීම් ඇති කිරීමටත් ඉවහල් වේ.

Running sport media | Nike