Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2016 12:14:59 Hours

පාසල් සිසුන් වෙත බර ඉසිලීමේ උපකරණ

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් අඟහරුවාදා (18) දින පසයියුර් ශාන්ත අන්තොනි ආර්.සී. බාලිකා විද්‍යාලය වෙත බර ඉසිලීමේ උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරන ලදි.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල 2016 හි දී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් පහක් දිනාගත් සිසුවියන් දෙදෙනාගේ එම ජයග්‍රහණ අගයනු වස් මෙම උත්සවය සංවිධානය කරන ලදි.

එමෙන්ම, මෙම පරිත්‍යාග වැඩසටහන යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත සංවිධානය කෙරිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් හර්ස්චන්ද්‍ර මායාසිංහ සහභාගි වූ අතර, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් ගීතා රන්කොත්ගේ, යාපනය, පසයියුර් ශාන්ත අන්තොනි ආර්.සී. බලිකා විද්‍යාලයේ විදුහල්පති නීතිඥ ටි. පෙරින්බම් මහතා, එම පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා වන එම්. මතිවතන් මහතා සහ සිසුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Authentic Nike Sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov